Thursday, January 1, 2015

linux මෙහෙයුම් පද්දතිවලට පරිගණක වයිරස් වලින් හානි නොවේද?



වයිරස් වැඩසටහන් සකස්න්නන්ගේ බලාපොරොත්තුව ඒවා ඉක්මනින් පරිගනකයකින් පරිගණකයකට වියාප්තවී වැඩි හානියක් කරනු දැකීමටය.
 linux මෙහෙයුම් පද්දතිය බාවිතා කරන්නන්  සංඛ්‍යාත්මකව ගත්විට 
windows මෙහෙයුම් පද්දතිය බාවිතා කරන්නන්ට වඩා අඩු නිසා වයිරස් ලියන්නෝ linux සදහා නොව windows සදහා වයිරස් ලියති.
                             windows මෙහෙයුම් පද්දතියේ ගති ගුණ සාමානය 
පරිශීලකයන්ට වෙනස් කල නොහැක.ඊට හේතුව එහි ප්‍රදානතම කේත සටහන හෙවත් සෝස් කෝඩ් එක්(main souce code)microsoft සමාගම සතු සතු බුද්දිමය දේපලක් වශයෙන් පැවතීමත්,එය ප්‍රසිද්ධ නොකීරීමත් නිසාය.ඒනිසා වයිරස් පැතිරෙන විට ඒවායින් මිදීමේ වැඩසටහන  microsoftසමාගම විසින් ප්‍රසිද්ධ කරනතෙක් බලා සිටිය යුතුය.එහෙත් linux මෙහෙයුම් පද්දතිය එසේ නොවේ.එහි ප්‍රධාන කේත සටහන ප්‍රසිද්ධ එකකි.ඒනිසා වයිරස් වැඩසටහන් වියාප්ත වන විටම වාගේ පරිගනක 
ප්‍රවීනයන්ට ඒවාට එරෙහි වැඩසටහන් ලියා ගත හැක.ඔවුන් ඒවා නිතරම  
linux භාවිතා කරන්නන් අතර හුවමාරු කරගනී.එවිට ලිනුං සදහා වයිරස් 
තැනිවත් ඒවා බෝවීම පාලනය වේ.මින් අදහස් වන්නේ linux මෙහෙයුම් පද්දතිවලට හානි කරන වයිරස් වැඩ සටහන් නැත්‍ය යන්න නොවේ.

                            සූරයාගේ තවත් වැඩකින් හමුවෙමු.
                           



No comments:

Post a Comment