Thursday, December 25, 2014

පරිගණකය දවස පුරා ක්‍රියාත්මක කර තැබීමෙන් හානියක් වේද?



පරිගණකයක් යනු පැය විසිහහතර පුරා එක දිගටම අවුරුද්දේ සෑම දිනකම ක්‍රියාත්මක කොට තැබීමට හැකි වෙන පරිදි සකස් කර ඇති යන්ත්‍රයකි.කාර්ය බහුල ආයතනවල පරිගණක යන්ත්‍ර ක්‍රියා විරහිත කරන්නේ නැති තරම්‍ය .සර්වර් පරිගණක ක්‍රියා විරහිත කරන්නේම නැත.ඒ කලොත් කරන්නේ අලුත් වැඩියාවක් සදහා හෝ යාවත් කාල කිරීම වැනි කටයුතු සදහාය.හොද අලුත් පරිගණකයක් අවුරුදු ගණනාවක් එක දිගට ක්‍රියාත්මක කොට තබන්නට පුලුවන.මේවා පහසුවෙන් කැඩෙන යන්ත්‍ර වර්ගයක් නොවේ.බලගතු යන්ත්‍ර වර්ගයකි.මේවා මිල අදික වන්නේ ඒ නිසාය.අනෙක් අත්ට අප බොහෝ දෙනා පරිගණක යන්ත්‍ර බාවිතා කරන්නේ එහි උපරිම දාරිතාවෙන් කල හැකි වැඩ කරන්නට නොවේ.නිතර නිතර වසා දමා වෙනත් වැඩ වල නිරත වැනවාය කියන්නේ පරිගණක යන්ත්‍රය අත්‍යවශ්‍ය උපකරණයක් නොවනවා යන්නයි.මිනිසා සද මතට ගෙන ගිය ඇපලෝ යානය මෙහෙය වූ පරිගණකයේ මතකය 64KB වූ අතර එහි ප්‍රොසෙස වේගය 0.043MHz
ක් වුණි.ලොකු මිලක් ගෙවා ලබා ගෙන නිකරුනේ පැත්තකට කොට වසා දමා තිබෙන පරිගණකය කෙතරම් බලගතු යන්ත්‍රයික් දැයි සිතා බලන්න.

                     සූරයාගේ තවත් වැඩකින් හමුවෙමු.

No comments:

Post a Comment